අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

09
ජන2025
CHRISTMAS 2024

CHRISTMAS 2024

The Christmas Carol Concert 2024, organized by...

ප්‍රාදේශීය ලේකම්


 IMG 2d742993ef4c448d72a2a1a4a9b51b96 V 1
නම  බී.ඩබ්.එම්.එම්.එස්.බණ්ඩාර
සුදුසුකම්  
  • විද්‍යාවේදී (කෘෂිකර්ම) උපාධියව  වයඹ විශ්ව විද්‍යාලය
  • පශ්චාත් උපාධි ඩිප්ලෝමා (සමාජ විද්‍යාව)- ශ්‍රී ජයවඑර්ධනපුර විශ්ව විද්‍යාලය
  • පශ්චාත් උපාධිය (සමාජ විද්‍යාව) - කැළණිය විශ්ව විද්‍යාලය
  • රාජ්‍ය ප්‍රතිපත්තීන් පිළිබඳ පශ්චාත් උපාධිය - පීකිං විශ්ව විද්‍යාලය චීනය
රැකියා ඉතිහාසය
  • ආධුනිකත්ව නිලධාරි -ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ( 2009 )
  • මැතිවරණ දෙපාර්තමේන්තුව -පුත්තලම ( 2010 )
  • සහකාර ප්‍රාදේශීය ලේකම් - ආරච්චිකට්ටුව ( 2010 )
  • සකාර ප්‍රාදේශීය ලේකම් - මුන්දලම ( 2010 - 2012 )
  • සහකාර ප්‍රාදේහිය ලේකම් - හලාවත ( 2012 - 2017 )
  • ප්‍රාද්ශීය ලේකම් - ආණමඩුව ( 2017 - 2020 )
  • ප්‍රාද්ශීය ලේකම් - හලාවත

සහකාර ප්‍රාදේශීය ලේකම්

 Assistant AGA නම  එන්.ආර්.ඒ.ජයවික්‍රම
සුදුසුකම්

ව්‍යාපාර කළමණාකරණවේදී (මානව සම්පත්)  විශේෂ උපාධිය 

ව්‍යාපාර  අධ්‍යනය පශ්චාත් උපාධිය 

රැකියා ඉතිහාසය

කළමණාකරණ සේවා නිලධාරී - වාරිමාර්ග හා ජලසම්පත් කළමණාකරණ අමාත්‍යාංශය

කළමණාකරණ සේවා නිලධාරී  - දේශීය අදායම් දෙපාර්තමේන්තුව

කළමණාකරණ සේවා නිලධාරී  - ඉඩම් හිමිකම් නිරවුලු කිරීමේ දෙපාර්තමෙන්තුව

කළමණාකරණ සේවා නිලධාරී - විදේශ කටයුතු අමාත්‍යාංශය

ගණකාධිකාරි

 DSC 0555 නම  පී.එන්.පී.දයාරත්න
සුදුසුකම්  ව්‍යාපාර පරිපාලනවේදී (විශේෂ) - කොළඹ විශ්වවිද්‍යාලය
රැකියා ඉතිහාසය

 කළමණාකරණ සහකාර (2000/09/01 සිට 2008/04/20)

 2008 සිට 2012 - ගණකාධිකාරි - නවගත්තේගම ප්‍රාදේශිය  ලේකම් කාර්යාලය

 2012 සිට 2019 - ගණකාධිකාරී - ආණමඩුව ප්‍රාදේශි්‍ය ලේකම් කාර්යාලය

2019 සිට          - ගණකාධිකාරී - හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

 

 

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

 IMG bb494fd5eaeb3fca11d1c6c9149d3be0 V 1 නම  ඩබ්.ඒ.ආර්..වික්‍රමනායක
සුදුසුකම්

 පශ්චාත් උපාධි ( ආර්ථික විද්‍යාව)

 කැලණිය විශ්වවිද්‍යාලය

රැකියා ඉතිහාසය

1999 සිට 2009 -     තරුණ කටයුතු අමාත්‍යාංශයේ      කුඩාව්‍යාපාර අංශයේ ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු  නිලධාරී

2010 සිට 2019 - සහකාර අධ්‍යක්ෂ සැලසුම් - හලාවත ප්‍රාදේශිය ලේකම් කාර්යාලය

2019 සිට 2020 - සහකාර අධ්‍යක්ෂ සැලසුම් - මහවැව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය

2020 සිට         - සහකාර අධ්‍යක්ෂ සැලසුම් - හලාවත ප්‍රාදේශිය ලේකම් කාර්යාලය

පරිපාලන නිලධාරී (වැඩ බලන)

 FB IMG 1643613431488 නම  ඒ.ඒ.ඒ.එස්.ප්‍රියදර්ශිකා
සුදුසුකම්  අ.පො.ස ( උසස් පෙළ)

රැකියා ඉතිහාසය

 1991  සිට 1996 - ඉඩම් රෙජිස්ටාර් කාර්යාලය හලාවත

 1997 සිට 2002  - කම්කරු කාර්යාලය පුත්තලම

 2002 සිට 2011  - දිස්ත්‍රික් කම්කරු කාර්යාලය හලාවත

 2012 සිට 2016  - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හලාවත

 2017 සිට 2018  - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පුත්තලම

 2018 සිට          - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හලාවත

පරිපාලන නිලධාරී ( ග්‍රාම නිලධාරී)
   IMG 0836 1 නම එස්.එච්.සිරිල් සෙනරත්
සුදුසුකම්
  • අ.පො.ස (උ.පෙළ) - ජීව විද්‍යාව
  • කෘෂි තාක්ෂණික පුහුණු පාඨමාලාව ජපානය ( වසර1) 1998
රැකියා ඉතිහාසය
  • 1984.06.01  සිට 1993.08.01 - ක්ෂේත්‍ර නිලධාරී - ජනතා වතු සංවර්ධන මණ්ඩලය
  • 1993.12.01 සිට 2018.10.23 - ග්‍රාම නිලධාරී - ආරච්චිකට්ටුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය
  • 2018.10.23 සිට පරිපාලන ග්‍රාම නිලධාරී - හලාවත ප්‍රාදේශිය ලේකම් කාර්යාලය

​

 

2021 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා  සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය.

සේවක සංඛ්‍යා විස්තර - හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

තනතුර   පුරප්පාඩු
අනුමත දැනට සිටින
ප්‍රාදේශීය ලේකම් 1 1 0
සහකාර ප්‍රාදේශීය ලේකම් 1 1 0
ගණකාධිකාරී 1 1 0
සහකාර අධ්‍යක්ෂ - සැලසුම් 1 1 0
පරිපාලන නිලධාරී 1 1 0
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 2 1 1
පරිපාලන ග්‍රාම නිලධාරි 1 1 0
සංවර්ධන සම්බන්ධිකාරක 1 1 0
සංවර්ධන සහකාර 1 1 0
සංවර්ධන නිලධාරී 5 5 0
සංවර්ධන නිලධාරී ( සංවර්ධන) 55 53 2
කාර්මික නිලධාරී 1 1 0
රාජ්‍ය කළමනාකරණ සේවය 28 25 3
ග්‍රාම නිලධාරී 49 42 7
තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සේවාව 1 1 0
   
රියදුරු 2 1 1
කාර්යාල කාර්ය සහායක 9 7 2

අපගේ දැක්ම

පූර්ණ ගුණාත්මක කාර්යාලයක් තුලින් ප්‍රදේශයේ ජනතාවට විශිෂ්ට වූ රාජ්‍ය සේවාවක්

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම, තිරසාර සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් හලාවත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ජන ජීවිතය නංවාලීම.

හැදින්විම

හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වයඹ පළාතේ පුත්තලම පරිපාලන දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇත. එය උතුරින් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටද, දකුණින් මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටද, නැගෙනහිරින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටද බටහිරින් ඉන්දියන් සාගරයටද සීමාවී ඇත.මෙහි විශාලත්වය වර්ග කිලෝමීටර් 91 කි.

 

හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රධානතම නගරය වනුයේ හලාවත නගරයයි. බටහිරින් සුන්දර වෙරළ තීරයක් සහ පටු කළපු තීරයක් ද,උතුරින් දැදුරු ඔයෙන් ද වට වූ වර්ග කිලෝමීටර් 6.4 ප්‍රමාණයකින් යුක්ත, හලාවත වයඹ පළාතේ ප්‍රධාන නගරයකී. එය උතුරු අක්ෂාංශ 7.35 හා නැගෙනහිර දේශාංශ 79 . 47යන රේඛා එකිනෙක ජේදනය වන ලක්ෂය මත පිහිටා ඇත. හලාවත නගරය පුත්තලම දිස්ත්‍රික්කයේ මධ්‍යයේ පිහිටා ඇත.හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය කොළඹ - පුත්තලම ප්‍රධාන මාර්ගයට මෙන්ම හලාවත කුරුණෑගල - ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වන අතර කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ පිහිටීම නිසා කේන්ද්‍රීය වශයෙන් ඉතා වැදගත් ස්ථානයක් උසුලයි.මේ නිසා හලාවත ප්‍රදේශය වෙළෙඳ මධ්‍යස්ථානයක් මෙන්ම නාගරික මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකටව ඇත.

 

හලාවත ප්‍රදේශය අතිතයේදී මුහුදු තිරය හා පැවති මුතු වර්ග නිසා මුතු හලාවත නමින් ප්‍රකටව තිබුණි. වර්තමානයේ එම සම්පත් නොමැති වුවද වර්තමානයේ ධීවර කර්මාන්තයට හලාවත වෙරල හා කලපුව ප්‍රසිද්ධියක් උසුලයි. හලාවත වෙරළ ආශ්‍රිතව ජීවත් වන ජනතාවගේ ප්‍රධාන ජීවන උපාය මාර්ගය ධීවර කර්මාන්තයයි.එමෙන්ම හලාවත හා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වෙන්කරන සීමා මායිමේ පිහිටි දැදුරු ඔය දෑල ප්‍රදේශයේ බහුල වශයෙන් කෘෂිකර්මාන්තය සිදු කෙරේ. මෙම ප්‍රදේශවල ජනතාවගේ ප්‍රධාන ජීවන මාර්ගය කෘෂිකර්මාන්තයයි.ධීවර හා කෘෂිකර්ම ක්ෂේත්‍ර වලින් හලාවත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය ජාතික ආර්ථිකයට දායකත්වයන් ලබා දෙයි.

 

හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හලාවත මැතිවරණ කොට්ඨාශයට අයත්වේ .එසේම එහි හලාවත නගර සභාවට මෙන්ම, හලාවත ප්‍රාදේශියසභාවට අයත් ප්‍රදේශවලින් සමන්විතව පිහිටා ඇත. මෙම කොටිඨාශය ග්‍රාම නිළධාරී වසම් 49 කින් හා ගම්මාන 88 කින් සමන්විතය. 2016 වර්ෂයේ දත්ත අනුව හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනගහනය 70800 කි.මෙහි බහුතරය සිංහල කතෝලික ආගමිකයන් වන අතර සෙසු ජන වර්ග හා ආගම් නියෝජනය කරන ජනතාවද මෙහි වාසය කරති. මේ නිසා හලාවත ප්‍රදේශය බහු ජාතික හා බහු ආගමික සංස්කෘතික පදනමක් ඇති ප්‍රදේශයකි.සුප්‍රකට හින්දු පුදබිමක් වූ ශ්‍රී මුන්නේෂ්වරම දේවාලය හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටා ඇත.

 

1988 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම සිට දක්වා
ඩබ්.ජේ.ලෝව් 1988 1995
එන්.පී.කේ.නෙලුම්දෙනිය 1996 1998
එස්.ඒ.සුරසිංහ 1999 2002
එන්.එච්.එම්.චිත්‍රානන්ද 2002 2006
යු.එස්.එන්.ප්‍රනාන්දු 2006.11.01 2014.05.19
රංගන ප්‍රනාන්දු 2014.06.04 2016.05.02
ඩි.එම්.ඒ.කේ.දිසානායක 2016.05.02  2020.02.20
බී.ඩබ්.එම්.එම්.එස්.බණ්ඩාර 2020.02.20  
Scroll To Top